ජීවිත් වීම කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන එක පමණක් නොවේ. ව්‍යාපාරයක් සාර්ථක කරා රැගෙන යෑම අහම්බයක්ද නොවෙයි. සාර්ථක ජීවිතයක් අත්පත් කර ගැනීම කියන්නේ අපගේ දිනපතා තේරීම්, අපගේ කාලය කළමනාකරණය කරන ආකාරය සහ අප ජීවත් වන මූලධර්ම මගින් හැඩගසාගෙන ඇති විදිහයි. වසර ගණනාවක් පුරා, මා පවත්වාගෙන එන පුරුදු ව්‍යවසායකයකු වශයෙන් සාර්ථක වීමේ පදනම බව මා විශ්වාස කරනවා.
- මම වේලාසනින් නින්දට ගොස් අලුයම 4 ට අවදි වෙමි.
අනිත් සැමට කළින් අවදි වී නිහඬ නැවුම් පරිසරයක මගෙ වැඩටයුතු ආරම්භ කිරීම වැඩ කරන්න මට හොඳ ජවයක් එක් කරනවා. දවසේ මුල් පැය කිහිපය ඉතා බලවත් කාලපරිච්ඡේදයක්. එය මට සිතීමට, සැලසුම් කිරීමට සහ අවධානය වෙනතකට යොමු නොකර සූදානම් වීමට කාලය ලබා දෙනවා. උදෑසන අවදිවී වැඩ කිරීමෙන් මගේ මුළු දවසම අර්ථවත් දිනයක් වුණා කියලා තෘප්තිය ලැබෙනවා.
- මම පවුල වෙනුවෙන් එක් දිනක් කැප කරමි.
මගේ කාලසටහන කොතරම් කාර්යබහුල වුවත්, සෙනසුරාදා මගේ පවුල සඳහා වෙන් කරලා තියෙන්නේ. පුද්ගලයකුට ජීවිතයේ වඩාත්ම හොඳ දේ පවුල. වඩාත්ම සැනසීම තියෙන්නේ පවුල තුළ. ව්‍යාපාර කරන්නේ ආදයම් උපයන්නේ අවසාන වශයෙන් පවුල වෙනුවෙන්නෙ.
- මම සෑම කෙනෙකුටම සවන් දෙමි, නමුත් මගේම තීරණ ගනිමි.
මම අදහස් සහ උපදෙස් අගය කරනවා. සියලු දෙනාට ඇහුම්කන් දෙනවා. නමුත් අවසානයේදී, වගකීම තියෙන්නෙ තමන්ටනෙ. ප්‍රධානියෙක් විදිමට තමන්ගේ තීරණ සාර්ථක වුවත් අසාර්ථක වුවත්, ඒවට වගකිවයුතු වන්නේ අපමයි. ඒ නිස මගේ තීරණවලින් සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒ දෙය උපේක්ෂාවෙන් භාර ගන්නට පුළුවන් වෙලා තිබෙනවා.
- මම මිනිසුන්ට සලකන්නේ මට සැලකුම් ලැබීමට අවශ්‍ය ආකාරයටයි.
මම කැමතියි ආදරය ගෞරවය සැළකුම් ලබන්න. මා වගේම අනෙත් සියලු දෙනාත් ආදරය, ගෞරවය ලබන්න කැමතියි කියලා මා විශ්වාස කරනවා. එය සේවකයෙකු, සේවාදායකයෙකු හෝ හවුල්කරුවෙකු වේවා, සෑම කෙනෙකුටම සාධාරණව හා ගෞරවයෙන් සැලකීම මගේ පුරුදු අතරට එක් කරගෙන තිබෙනවා. ව්යාාපාර ලෝකයේ දිගු දුරක් යන්න නම් අනෙක් පුද්ගලයාට ගෞරව කිරීම ඉතාම වැදගත් දෙයක් විදිහට මා සළකනවා. මේ ගමන මට එන්නත් එසේ අනෙත් කෙනාට ගෞරව කිරීම හේතු වුණා. අනෙත් කෙනාට ගෞරවයෙන් සළකන්න විශාල මුදලක් හෝ කාලයක් වැය වන්නේ නෑ. සමහරවිට එය එක වචනයක් පමණක් විය හැකියි. ගෞරවය දැක්වීම කියන්නේ බොරුවට මවා පෑමක් නෙවෙයි. එය හදවතින්ම පැන නැගියයුතු දෙයක්. නැත්නම් පුහුණුවෙන් ලබා ගත යුතු දෙයක්.
- මම විශ්වාස කරන දේ මම පහසුවෙන් අත් නොහරිමි – සහ ක්‍රියාත්මක නොවන දේ මම ඉක්මනින් අත්හරිමි.
අද මා යම් සාර්ථකත්වයක් ලබා සිටිනවා නම් ඒ නොපසුබට උත්සහයේ ප්‍රතිපලයයි. යමක් පිළිබඳ විශ්වාස කරනවා නම් ඒ සඳහා නොනැවතී සටන් කිරීම වගේම යමක් ප්‍රතිඵල නැත්නම් එයට තවදුරටත් කාලය නාස්ති නොකර එක මොහොතකින් අත්හැර දැමීමමට මේ කාලය පුරාවට මා ප්‍රගුණ කළ දෙයක්.